Latest News

සමාජ මාධ්‍ය වීඩියෝවකට පරිශීලකයන්ගෙන් දැඩි විරෝධයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වොම්බැට් මවකගෙන් පැටවා උදුරාගෙන ගිය අමරිකානු කාන්තාව ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇතැයි එරට රජය තහවුරු කරනවා.

සෑම් ජෝන්ස් නම් මෙම කාන්තාව ඔස්ට්‍රේලියාවේ මොන්ටානා හි මාර්ගයක් අසල සිටි වොම්බැට් පැටවෙකු රැගෙන මෝටර් රථය වෙත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ හුවමාරු කර තිබෙනවා.

එහිදී වොම්බැට් පැටවාගේ මව මෙම කාන්තාව පසුපස ලුහුබඳින ආකාරයද වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර ඔස්ට්‍රේලියා රජය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අමරිකානු කාන්තාවගේ වීසා බලපත්‍රය පිළිබඳව ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනයක් සිදුකර ඇති බවද සඳහන්.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ පර්ත් හි පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය දැඩි දෝෂාරෝපණයට ලක්කර තිබුණා.

ඔහු එහිදී පැවසුවේ මවකගෙන් දරුවෙකු උදුරා ගැනීම එම සත්වයා දැඩි පීඩාවට ලක්කරන කාරණයක් බවයි.

World News

Send your contact Details Today