Latest News

ඔස්ට්‍රේලියාවේ ලාබාලතම ඝාතකයාට අධිකරණයෙන් සුවිශේෂී තීරණයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ලාබාලතම ඝාතකයා ලෙස සැළකෙන අපරාධකරුට නිදහස ලබා දීමට සූදානම් වනවා.

ඒ අනුව මෙම සති අන්තයේදී ඔහුට නිදහස හිමි වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

ඊට හේතුව වී ඇත්තේ අදාළ අපරාධකරු තවදුරටත් බන්ධනාගාරය තුළ රදවා තබා ගන්නා ලෙසට කර තිබූ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි.

මෙම අපරාධකරු අවුරුදු 13 දී අසල්වැසි නිවසේ වාසය කළ Courtney Morley – Clarke නම් තුන් හැවිරිදි දරුවා පැහැරගෙන ගොස් පිහියෙන් ඇන මරා දමා තිබුණා.

එදිනම මෙම ඝාතනය සිදු කළ බාල වයස්කාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඊට මෙම බාලයවස්කාර අපරාධකරුට අවසර 20 ක සිර දඩුවම් නියම වූ අතර ඔහුගේ සිර දඩුවම 2021 වසරේ අවසන් වී තිබෙන බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතෙත් රැදවුම් නියෝග මත පදනම්ව ඔහුට නිදහස හිමි වූයේ නැහැ.

ඒ අනුව අද (14) ව්නිසුරු මාර්ක් අයරේස් මෙම අපරාධකරු තවදුරටත් රදවා තබා ගන්නා ලෙසට ඉදිරිපත් කර තිබූ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙන බවද වැඩිදුරටත් සදහන් වනවා.

World News

Send your contact Details Today