ටර්ක්මෙනිස්තානයේ පකිස්ථාන තානාපති KK Ahsan Wagan ට එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර ලබා දී නැතැයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරනවා.
පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තාව කියා සිටියේ, ලොස් ඇන්ජලීස් වෙත ගිය ඔහු සතුව වලංගු එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සහ අවශ්‍ය සියලුම සංචාරක ලියකියවිලි තිබූ බවයි.
ඔහු පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් ජනපදයට ගොස් ඇති බව ද වාර්තා වනවා.
පකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් පිටුවහල් කිරීම සිදු වන්නේ පකිස්ථානු ජාතිකයින්ගේ එක්සත් ජනපදය සංචාර සඳහා ඇති විය හැකි සීමාවන් පිලිබඳව මතුවන කනස්සල්ල මධ්‍යයේයි.
එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස දැඩි වීසා පරීක්ෂාවකට මුහුණ දෙන ජාතීන්ගේ ලැයිස්තුවකට පකිස්ථානය ඇතුළත් කළ හැකි බව පසුගිය සතියේ වාර්තා පෙන්වා දුන් බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.