Latest News

බ්‍රසීලයේ දේශගුණික සමුළුව වෙනුවෙන් අටුව කඩා පුටුව හදයි (VIDEO)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ බෙලෙම් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP30 දේශගුණික සමුළුව සඳහා ආරක්ෂිත ඇමසන් වනාන්තර අක්කර දසදහස් ගණනක් විනාශ කරමින් නව මංතීරු හතරක අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන සමුළුවේදී ලෝක නායකයන් ඇතුළු 50,000 කට අධික පිරිසක් පැමිණෙන බෙලෙම් නගරයට ගමනාගමනය පහසු කිරීම එහි අරමුණයි.

ප්‍රාන්ත රජය අධිවේගී මාර්ගයේ ‘තිරසාර’ බව පිළිබඳව කරුණු ප්‍රචාරය කරන නමුත් ප්‍රදේශවාසීන් සහ සංරක්ෂණවාදීන් මෙම මාර්ගයේ පාරිසරික බලපෑම ගැන කෝපයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ලෝකයට කාබන් අවශෝෂණය කර ජෛව විවිධත්වය සැපයීම සඳහා ඇමසන් වනාන්තරය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, බොහෝදෙනෙක් පවසන්නේ මෙම වන විනාශය දේශගුණික සමුළුවක අරමුණටම පටහැනි බවයි.

බෙලෙම් දක්වා කිලෝමීටර් 13 කට වඩා (සැතපුම් 8) ක් විහිදෙන අර්ධ වශයෙන් ඉදිකරන ලද මාර්ගය දිගේ මේ වන විට ලී කොට ගොඩගසා තිබෙනු දක්නට හැකියි.

පාරිසරික ගැටළු හේතුවෙන් පැරා ප්‍රාන්ත රජය මීට පෙර ඇවනයිඩා ලිබර්ඩේඩ් ලෙස හැඳින්වෙන අධිවේගී මාර්ගය සඳහා වූ සැලසුම් අත්හිටුවා තිබුණා.

කෙසේවෙතත්, COP30 ට පෙර අනෙකුත් යටිතල පහසුකම් සැලසුම් සමඟ ව්‍යාපෘතිය නැවත පණගැන්වුණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today