Latest News

කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සෞඛ්‍ය සේවා අංශ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බට්න් බැටරි ගිල දැමූ කුඩා දරුවන් ප්‍රමාණය ඔස්ට්‍රේලියාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වසරේ මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියාවේ බට්න් බැටරි ශරීරගතවූ දරුවන් දෙදෙනෙකු හදිසි ශෛල්‍ය කර්මවලට භාජනය කර තිබෙනවා.

අවුරුද්දක් වයසැති ඇඩෙල් නම් දරුවාගේ අමුතු හැසිරීමකට අනුව ඇයගේ දෙමාපියන් ඇයව එක්ස් රේ පරීක්ෂණයකට ලක්කර තිබුණා.

එහිදී හෙළිව ඇත්තේ බට්න් බැටරියක් ආහාර මාර්ගයේ තැන්පත් වී ඇති අතර ඉන් සිදුවන පිළිස්සුම් සඳහා හදිසි සැත්කම් කිහිපයකට භාජනය කිරීමට සිදුවූ බවයි ඇඩෙල්ගේ දෙමාපියන් පවසා ඇත්තේ.

මේ අතර ආහාර මාර්ගයේ පිළිස්සීම් සැලකියයුතු මට්ටමකින් පවතී නම් බට්න් බැටරි ගිල දැමීමෙන් දරුවන් මිය යාමට වුවත් හැකි බවයි ඇඩිලේඩ් කාන්තා හා ළමා රෝහල් වෛද්‍ය සෝන්ජා ලැට්සෙල් අවධාරණය කළේ.

World News

Send your contact Details Today