Latest News

ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත වන අලි සංගණනයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

අගෝස්තු 19 සහ 20 යන දිනවල එම සංගණනය සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබෙනවා.

අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වයෙන්.

සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබෙන බව ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

අවසන් වරට ශ්‍රී ලංකාව තුළ වන අලි සංගණනයක් සිදුකළේ, 2011 වසරේදීයී.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ සිටි වන අලි ඇතුන් සංඛ්‍යාව 5,878 ක්‌.

World News