2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3,163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබෙනවා.
ඒ අනුව පසුගිය වර්ෂයේදී (2024) ශ්‍රී ලංකාවේ 7,144 දෙනෙකු ඇස් දන්දුන් බවයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතරආරච්චි මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලාංකික අක්ෂි ආබාධිත පුද්ගලයින් 1,475 දෙනකුට ද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කළ බවත් 20,3000 දෙනකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් ඔහු පැවසුවා.
දන් දුන් ඇස්වලින් 1,025ක් අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා සපයා තිබෙනවා.
මෙලෙස විදේශිකයින්ට ඇස් පරිත්‍යාග කොට ඇත්තේ යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු රටවල් රැසක අන්ධ පුද්ගලයින්ටයි.
මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පසුගිය වසරේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 2,300ක් නොමිලේ සිදු කොට තිබෙනවා.