Latest News

අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය ගැන එරට බලධාරීන්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි, තවත් සතියක පමණ කාලයක් යනතුරු පැවතිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, පැලිසේඩ්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 3 ක් දක්වා ලැව්ගිනි පැතිරෙමින් ඇති පසුබිමකදීයි.

බ්‍රෙන්ට්වුඩ්, ඇල්ටඩීනා සහ ඊටන් ප්‍රදේශ දක්වා එලෙස ලැව්ගිනි ව්‍යාප්තව තිබෙනවා.

පැලිසේඩ්ස්හි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගින්න තරමක් පාලනය වී ඇතත්, ජල මූලාශ්‍රවල හිඟතාව හේතුවෙන් එය පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව, එක් ලක්ෂ හතලිස් දහසකටඅධිකයි.

වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, 11 ක්.

එමෙන්ම නිවාස හා ගොඩනැගිලි 11,000 කට පමණ ඉන් හානි සිදුව තිබෙනවා.

World News