Latest News

TRCSL ලියාපදිංචි නොවූ සන්නිවේදන උපකරණ ඉදිරියේ දී තහනම්

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ ශ්‍රී ලංකාව තුළ භාවිතය ඉදිරියේ දී තහනම් කරන බව එම කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙළ මගින් බාධාවක් සිදු නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද සඳහන් කළා…

“නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගෙන විවිධ අපහසුතා හා අවහිරතාවලට මුහුණ දීමට රටේ ජනතාවට සිදුව තිබෙනවා. එම උපකරණ රටේ පාරිභෝගිකයින්ට විකිණීම වැළැක්වීම අප ආයතනයේ ප්‍රධාන වගකීමක් වෙනවා. මේ සඳහා අප ආයතනය ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ජනතාව දැනුවත් කර අවසානයේ දී රට තුළට නීතියානුකූල නොවන ආකාරයට ජංගම දුරකථන ගෙන ඒම වැළැක්වීමයි. මේ ක්‍රමවේදය තුළ දැනට භාවිත කරන කිසිදු ජංගම දුරකථනයක් අවහිර නොවන අතර විදේශිකයින්ට ජංගම දුරකථන භාවිතයට අවහිරයක් නෑ.”

World News