Latest News

ළමා සෙබ­ළුන් භාවිත කරන රට­වල් 17ක්, අමෙ­රි­කානු රජය විසින් ලැයි­ස්තු­ගත කරයි

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමා සෙබ­ළුන් සඳහා අනු­බල දෙන බවට රට­වල් 17ක්, අමෙ­රි­කානු රජය විසින් ලැයි­ස්තු­ගත කර තිබෙනවා.

ඒ අනුව ළමා සෙබ­ළුන් බඳවා ගැනීම ජාත්‍ය­න්තර මිනිස් ජාවා­ර­මට සම්බන්ධ තවත් එක් ක්‍රියා­ව­ලි­යක් බවට අනා­ව­ර­ණය වී ඇති අතර, පසු­ගිය වස­රේදී නිකුත් කර ඇති මිනිස් ජාවා­රම් වාර්තාව පද­නම් කර­ගනිමින් එම රට­වල් නම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

ඒ පහත ලෙසයි…

  1. ඇෆ්ග­නි­ස්තා­නය
  2. මිය­න්මා­රය
  3. කැම­රොන්
  4. මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජය
  5. කොංගෝ ජන­ර­ජය
  6. ඉරා­නය
  7. ලිබි­යාව
  8. මාලි දූපත් රාජ්‍යය
  9. රුසි­යාව
  10. රුව­න්ඩාව
  11. සෝමා­ලි­යාව
  12. දකුණු සුඩා­නය
  13. සුඩා­නය
  14. සිරි­යාව
  15. තුර්කිය
  16. වෙනි­සි­යු­ලාව
  17. යේම­නය

වාර්ෂි­කව එම ලැයි­ස්තුව නිකුත් කරනු ලබන්නේ අමෙ­රි­කාවේ ළමා සෙබ­ළුන් වැළැ­ක්වී­මේ පනතේ අව­ශ්‍ය­තාව අනුව බවත්, විදෙස් රට­වල රජයේ හමුදා, පොලී­සිය හෝ වෙනත් ආර­ක්ෂක හමුදා මෙන්ම රජයේ අනු­ග්‍රහය ලබන ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් සඳහා ළමා සෙබ­ළුන් බඳවා ගැනීම සම්බ­න්ධව ජාත්‍යන්තර සංවි­ධාන හා එක්සත් ජාතීන්ගේ නියෝ­ජි­ත­යන් විසින් ලබා­දෙන සංඛ්‍යා­ලේ­ඛන හා දත්ත­ව­ලට අනුව එම ලැයි­ස්තුව සකස් වන බවත් වාර්තා වනවා.

World News