Latest News

AI මඟින් ව්‍යාජ ලිංගික අන්තර්ගත නිර්මාණය කිරීම අපරාධයක් ලෙස සැළකීමට බ්‍රිතාන්‍යය තීරණය කරයි

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය රජය විසින් අඟහරුවාදා නිවේදනය කළ පරිදි, කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ව්‍යාජ ලිංගික අන්තර්ගත (Deepfake) සෑදීම සහ බෙදා හැරීම අපරාධයක් ලෙස සැලකීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විශේෂයෙන් කාන්තාවන් සහ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙවැනි රූප ව්‍යාප්ත වීම වැඩි වීම වැළැක්වීමටයි.

‘Deepfake’ යනු කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන වීඩියෝ, රූප හෝ ශ්‍රව්‍ය කොටස් වන අතර, ඒවා සත්‍ය ලෙස පෙනෙන පරිදි සකස් කර ඇත. මෙම තාක්ෂණය ලිංගික රූප ඩිජිටල් ලෙස වෙනස් කිරීමට යොදා ගත හැකියි.

බ්‍රිතාන්‍යයේ “Revenge Porn Helpline” දත්ත අනුව 2017 සිට Deep Fake තාක්ෂණය භාවිතයෙන් සිදුකරන රූප පාදක අපයෝජනය 400%කින් ඉහළ ගොස් තිබෙනවා.

නව නීතිය යටතේ මෙවැනි රූප නිර්මාණය කිරීම සහ බෙදා හැරීම යන දෙකම සඳහා චෝදනා එල්ල කළ හැකි වනු ඇති.

අධිකරණ අමාත්‍යාංශය පවසන පරිදි “අදාළ පුද්ගලයාගේ කැමැත්තකින් තොරව ව්‍යාජ ලිංගික අන්තර්ගත නිර්මාණය කිරීමට කිසිදු හේතුවක් නොමැත.” වැරදිකරුවන්ට දඩ සහ සිර දඬුවම් පැනවීමට යෝජනා කර තිබෙනවා.

තවද, කැමැත්තකින් තොරව පෞද්ගලික රූප ගැනීම සහ මෙවැනි වැරදි සිදු කිරීමේ අරමුණින් උපකරණ ස්ථාපනය කිරීම සඳහාද නව වැරදි ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත. මෙම වැරදි සඳහා වැරදිකරුවන්ට වසර දෙකක සිර දඬුවමක් හිමි විය හැකියි.

මෙම නව නීති පොලිස් සහ අපරාධ පනත් කෙටුම්පතට ඇතුළත් කෙරෙනු ඇති අතර, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

World News