Latest News

සංචාරක වීසා වලින් පැමිණි විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම තහනම් බව අගමැතිනිය පවසයි

Published 16 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරත වන විදේශිකයන් නැවැත්වීමට යාන්ත්‍රණයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් ව්‍යාපාරික කටයුතුවල නිරත වන බව වාර්තා වන බවත්, රජය එය ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බවයි අගමැතිනිය සඳහන් කළේ.

“ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටින අතර, එවැනි නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනවා,” ලෙස ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නිරත වන ඊශ්‍රායල් ජාතිකයන් පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මෙසේ පැවසුවා.

World News