චීනය පුරා සිටින මිලියන සංඛ්‍යාත රජයේ සේවකයින්ට අනපේක්ෂිත වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා.
2015 න් පසු චීනයේ පළමු වරට ජාතික මට්ටමේ සිවිල් සේවක වැටුප් වැඩිවීම මෙයයි.
මෙම පියවරෙන් මන්දගාමි ආර්ථිකය නංවාලීමට හැකිවනු ඇති බවයි චීන රජයේ අදහස වන්නේ.
චීනයේ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා නායකයින් ඉහළ අයවැය හිඟයකට එකඟ වී මෙම පියවර ක්‍රියාත්මක කළ බව සඳහන්.
මේ ආකාරයට රාජ්‍ය අංශයේ සේවකයින් ලෙස මිලියන 48 ක පමණ ජනතාවට තම වැටුප් වැඩි වී තිබෙනවා.
ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමෙන්, බීජිනය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.
ඒ මගින්, චීන ආර්ථිකයට ඩොලර් බිලියන 12-20 ක් එන්නත් කළ හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.
චීනය අවසන් වරට රාජ්‍ය සේවකයින් සඳහා ජාතික වැටුප් වැඩිවීමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේ 2015 දීයි.
ඒ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ පාරිභෝගිකයින්ගේ වියදම් බලය ඉහළ නැංවීමේ උත්සාහයක කොටසක් ලෙසයි.
එහිදී රජය ප්‍රාදේශීය නිලධාරීන් සඳහා 30% කට වඩා වැටුප් වැඩි කළා.
මෙවර රජයේ සේවකයින් සඳහා මාසික වැටුප් වැඩිවීමේ සාමාන්‍යය යුවාන් 500 ක් (ඩොලර් 68.50) බව සඳහන්.