දකුණු කොරියාවේ සියොංනාම් නගරයේ මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නත් සමග ඝන දුමාරයක් පැතිර ගොස් ඇති අතර, දුම ආශ්වාස කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.
ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ආරක්ෂිතව බේරා ගත් බවයි එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ.
කාර්යබහුල වාණිජ ගොඩනැගිල්ලක්වන මෙහි බිම් මහලේ පිහිටි අවන්හලක ගින්න මුලින්ම ආරම්භ වී ඉහළ මහල් වෙත පැතිර ගොස් ඇති බව සඳහන්.
දකුණු කොරියානු අගනුවරවන සෝල් නගරයට දකුණින් පිහිටි සියොංනාම් නගරයේ ඇතිවූ මෙම ගින්න පාලනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව වාහන 82 ක් සහ උපකරණ යෙදවූ බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.