ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කිරීමේදී අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරීක්ෂා කිරීමේදී ප්‍රවේශ පත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම අද (ජනවාරි 01 වැනිදා) සිට වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශපත්‍ර හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මගීයාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එම නිවේදනයේ සඳහන්.