Latest News

යුක්රේනය විසින් රුසියාවේ ගෑස් ප්‍රවාහනය නතර කරයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් නිෂ්පාදනය කෙරෙන ගෑස් යුරෝපා සංගම් රාජ්‍යයන් වෙත ප්‍රවාහනය අද සිට නතර කිරීමට යුක්රේනය තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ සහ රුසියාව අතර පස් අවුරුදු ගෑස් ගිවිසුම අදින් අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2022 වසරේදී යුරෝපා සංගමය විසින් රුසියාවෙන් ගෑස් ආනයනය සැලකිය යුතු ලෙස අඩු කර තිබුණා.

නමුත් ස්ලෝවැකියාව සහ ඔස්ටි්‍රයාව ඇතුළු යුරෝපා සංගම් සාමාජිකයින් කිහිප දෙනෙකු රුසියාවෙන් සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් ආනයනය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

කෙසේවෙතත් රුසියානු ගෑස් මත යැපීම අඩු කළ යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල්, කටාර් සහ ඇමරිකාවෙන් මෙන්ම නෝර්වේ රටවල් මගින් ගෑස් සහ විකල්ප මූලාශ්‍ර සපයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News