Latest News

ඔස්ට්‍රේලියා Student Visa අයදුම් කිරීමට අලුත් වෙනස්කම් කිහිපයක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනවාරි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා (Student Visa) අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලියට කැපී පෙනෙන වෙනස් කම් කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදි Student Visa අයදුම් කිරීමේ දී “Letter of Offer” තමන් විසින්ම ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ සිට Student visa අයදුම් කරන ඕනෑම කෙනෙක් (Confirmation Of Enrolment) අධ්‍යාපන පාඨමාලාවට ලියාපදිංචි වීම තහවුරු කිරීමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.

මෙම නීති බලාත්වක වන්නේ ජනවාරි 01 වනදා සිට අයදුම් කරන Student Visa සදහා පමණක් බලාත්මක වන බවයි වාර්තා වන්නේ.

ජනවාරි 01ට පෙර අධ්‍යාපන අයතනයක් මගින් Offer Letter එකක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇති.

Confirmation Of Enrolment නොමැතිව ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි පළමුවනදා සිට වලංගු අයදුම්පතක් වන්නේ නැහැ.

වීසා නිලධාරින් COE රහිත අයදුම්පත් කිසිසේත්ම සලකා බැලීමක් සිදු නොකරන බව සදහන්.

COE නොමැතිව Student Visa ඉදිරිපත් කිරීමේදි තම සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වීසා ඉල්ලුම් කලද එම අයදුම්පත් ද ප්‍රතික්ෂේප වෙනු ඇති.

අධ්‍යාපනය සදහාම පමණක් සිසුන් ගෙන්වා ගැනීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව සඳහන් කර තිබෙනවා.

ආරක්ෂක කටයුතු හෝ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් අනුව Student Visa යටතේ ගෙන්වා ගැනෙන සිසුන්ට මෙම නිති බලාත්මක වන්නේ නැහැ.

ෆෙඩරල් රජය පවසන්නේ නිසි නීතිමය රාමුවක් යටතේ මෙම වීසා කොන්දේසි වලට අවනත විය යුතු බව ද සඳහන්.

දැනටමත Student Visa ඉන්න සිසුන් වීසා කාලසීමාව අවසන්වීමට ආසන්න නම් හා COE ඉදිරිපත් කිරීමට නොහැකි වන්නෙ නම් වෙනත් Visa කණ්ඩයක් වෙත මාරු වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

World News