දේශීය පාරිභෝගිකයන් සඳහා මෝටර් රථ වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින්, බංග්ලාදේශය ලෝක මට්ටමේ, නවතම සෙඩාන් මෝටර් රථ අළෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.
මෝටර් රථ කර්මාන්තයට විවිධාංගීකරණය ගෙනඒම සඳහා, රජයේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගම වන ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් සමාගම, ලෝක ප්‍රකට කොරියානු KIA වාහනයේ නවීනතම අංගෝපාංග සහිත 1,600 cc CERATO මාදිලියේ නවතම සෙඩාන් මෝටර් රථ එකලස් කිරීම සහ අලෙවි කිරීම මෙලෙස ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම එම මෝටර් රථ දැන් සමාගමේ විකුණුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බවයි පැවසෙන්නේ.
මෝටර් රථයක මිල ටකා ලක්ෂ 45 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11) ලෙස නියම කර තිබෙනවා.
සීමාසහිත ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් කළමනාකාර අධ්යක්ෂ එම්. අබ්දුල් කලාම් අසාද් පවසා ඇත්තේ, එම වාහන එකලස් කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වාහන අලෙවි කිරීම තුළින් රටට සේවයක් කිරීමට ප්‍රගති සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
සීමාසහිත ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙම වසරේ සැළකිව යුතු ලාභයක් උපයා ඇති අතර එම මුදල ටකා කෝටි 72.62 ක් වනවා.
සමාගම විසින් ටකා කෝටි 168.89 ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට තැන්පත් කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.