Latest News

හැටන් බස් අනතුරේ තවත් තොරතුරු එළියට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක මහතා විසින් අද (23) දින පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙම පරික්ෂාවේදී අනාවරණ වී ඇත්තේ ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු දොරටුව විවෘත වී ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබීම නිසා බවයි.

එම දොර තාවකාලිකව වසා දැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මොටර් රථ පරීක්ෂකවරයා තහවුරු කරගෙන තිබෙනවා.

තවද රියදුරුගේ ආරක්ෂිත බද පටිය නොමැති බවත්, බස් රථය තුල අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබීම නිසා මගින් තිදෙනෙකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතල තුවාල සිදු වීමට හේතුව වි ඇති බවද මොටර් රථ පරික්ෂකවරයා පොලිසිය ට ප්‍රකාශ කර තිබෙනවා.

බස් රථයේ ආසන ප්‍රමිතියකට සවි කර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීම නිසා මගින්ට සිදු වූ තුවාල බරපතල වීමට හේතුව වී ඇති බවද මොටර් රථ පරීක්ෂකවරයා සඳහන් කළා.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බස් රථයක් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවරගැනීමට කටයුතු කරන බවද හැටන් පොලිසිය ප්‍රකාශ කළා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි ඉකුත් (21) දින මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලිමෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (22) දින රාත්‍රියේ මාරු කර යැවූ බව දික්ඔය මුලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය අරුල් කුමරන් මහතා කියා සිටියා.

අනතුරෙන් තුවාල ලැබු 53 දෙනෙකු එදින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, මුල් අවස්තාවේ තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු හත්දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා, දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවූ බවද සඳහන්.

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තවත් තුවාලකරුවන් 25 දෙනෙකු ආසන්න පිරිසක් තවදුරටත් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි අරුල් කුමරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අනතුරෙන් මියගිය හැටන් වත්තේ පදිංචිව සිටි අවු 14 ක් වයසැති දේවරාජ් දිනේෂ් කුමාර් දරුවාගේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගත මව යලි දිවයිනට පැමිණිමෙන් අනතුරුව සිදු කරන බව ඥාතින් ප්‍රකාශ කළා.

එම අනතුරෙන් මිය ගිය නොර්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවු 67 වයසැති එම්.මුත්තුරාකු නැමති කාන්තාවගේ අවසන් කටයුතු අද (23) දින නොර්වුඩ් වත්ත පොදු සුසාන භුමියේදි සිදු කරන බව ඇයගේ පවුලේ ඥාතින් කියා සිටියේ.

බස් රථය අනතුරට පත්විමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරිමේදි එහි දර්ශන මකා දමා තිබියදි පොලිස් තොරතුරු කොට්ඨාශය මගින් එහි දර්ශන කිහිපයක් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, එම දර්ශන වලට අනුව බස් රථයේ රියදුරා එක් අතකින් බස් රථය ධාවනය කරන බවත්, එක වරම බස් රථයේ රියදුරු දොරටුව විවෘතවී මත් සමග එම දොර වැසිමට රියදුරු උත්සහ කිරිමේදි රියදුරා අසුනෙන් අතුරුදහන් වන ආකාරයක්.

ආරක්ෂිත කැමරා පද්ධතියේ සෙසු දර්ශන ප්‍රතිස්ථාපනය කිරිමට පොලිස් තොරතුරු කොට්ඨාශය කටයුතු කරමින් සිටින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා කියා සිටියේ.

World News