ගිනිකොනදිග බ්‍රසීලයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් මියගිය පිරිස අතර, කුඩා දරුවෙකුද වන බව සදහන්.
බ්‍රසීලයේ – ලයින්හා නගරය ආසන්නයේදී බස්රථයේ ටයරයක් පුපුරා යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැතිව ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බසය පිටුපසින් පැමිණි තවත් වාහනයක්ද බස් රථයේ ගැටී ඇති අතර, එහි සිටි අය දිවි ගලවා ගෙන තිබෙනවා.
බ්‍රසීල මාධ්‍ය වාර්තා වලට අනුව මේ වසර තුළ එරට මහාමාර්ග අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දසදහසකට අධිකයි.