පේරු හි ගවේෂණයක යෙදී සිටින පර්යේෂකයන් පිරිසක් විසින්, නව සත්ත්ව විශේෂ 27 ක් සොයාගෙන තිබෙනවා.
ඒ අතර “blob-headed fish” මැයෙන් නම් කරන ලද වෙනස් ම මත්ස්‍ය විශේෂයක් ද වන බව සඳහන්.
එමෙන්ම ‘අර්ධ ජලජ මීයන්’ විශේෂයක් ද වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම ගවේෂණය සිදුකර ඇත්තේ, ලාභ නොලබන පරිසර සංවිධානයක් වන ‘Conservation International’ මඟිනි.
එමඟින් වනාන්තර සහ කෘෂිකාර්මික ප්‍රදේශ අක්කර මිලියන 1.9 ක් පමණ ආවරණය කර ඇති බව සඳහන්. ඒ, ඊට විවිධ පරිසර පද්ධති අයත් වන ලෙසයි.
සිදුකරන ලද පර්යේෂණවලින් ක්ෂීරපායින් හතරක්, මත්ස්‍ය විශේෂ අටක්, උභයජීවීන් තිදෙනෙක් සහ සමනල විශේෂ 10 ක් ඇතුළු බොහෝ විශේෂයන් අලුතින් සොයාගත් බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂකයින් සඳහන් කර තිබුණේ, මානව බලපෑමකින් යුත් භූ දර්ශනයක මෙතරම් ඉහළ ජෛව විවිධත්වයක් සොයා ගැනීමට හැකිවීම පුදුමසහගත වන බවයි.
ඉන් වඩාත්ම විස්මිත කාරණය වන්නේ, ජලයේ ජීවයට අනුවර්තනය වීමටත් හැකි ලෙස සැකසුණු ශරීරයකින් යුක්ත ‘උභයජීවී මීයන්’ විශේෂය බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පර්යේෂකයන් විසින් මෙම විශේෂිත මී විශේෂය සොයාගෙන ඇත්තේ දැනට කෘෂිකාර්මික භාවිතයන් නිසා තර්ජනයට ලක්ව ඇති කුඩා වගුරු වනාන්තර පෙදෙසකින් වීම විශේෂයි.