විලියම් සහ කේට් යුවළට ඔවුන් සිතුවාට වඩා බොහෝ ඉක්මණින් බ්‍රිතාන්‍ය රජකම බාර ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවත් රාජකීය චරිතාපදාන ලේඛිකාවක් වන සැලී බෙඩ්ල් ස්මිත් පවසනවා.
දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග 2022 වසරේ තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රජකම බාරගත් අතර එහිදී විලියම් කුමරු රජකමට මීළඟ සුදුස්සා වුණා.
තෙවැනි චාල්ස් රජු හෙළි නොකළ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබන අතර ඒ හේතුවෙන් ඔහුට යම් මොහොතක රාජකීය කටයුතුවලින් ඉවත් වීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
කැමිලා බිසවද මෑතකදී නිව්මෝනියා රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඇයට රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට සිදුවුණා.
කේට් කුමරිය මේ වනවිට පිළිකා රෝගයෙන් සුවය ලබා සිටින අතර විලියම් සහ කේට් යුවළ පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරත වනවා.