Latest News

දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා.

ඒ පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින්,

ඒ අනුව ජනාධිපතිවරයා හා ඔහුගේ හිතවතුන් ගණනාවකට කැරලි ගැසීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති යූන් යුද නිතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳ සමාව අයැද තිබුණා.

පසුගිය සෙනසුරාදා දෝෂාභියෝගය ජනාධිපතිවරයා ජයගත්තේ ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ද සහාය ලැබීම හේතුවෙන්.

එහෙත් විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම සති අන්තයේ තවත් දෝෂාභියෝග ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

World News