නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා රුසියාවට පැමිණ තිබෙනවා.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දෙරටේ හමුදාව සහ හමුදා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳවයි.
ඉන්දු – රුසියානු සහයෝගීතාව යටතේ ඉන්දියාව සඳහා නිපදවනු ලබන නවතම යුද නෞකාවක් නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා එක්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විසින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක නිරතවීමට නියමිත බවද වාර්තා වනවා.