සිය වීසා ඉකුත් වී, නීතිවිරෝධි ලෙස මෙරට රැදි සිටි විදේශීකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ කිරුලපන ප්රදේශයේ තාවකාලික නේවාසිකාගාරක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව ලබා දී තිබු බුද්ධි තොරතුරු පදනම් කර ගෙන තිබු අතර පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු හා කාන්තාවන් 03 දෙනෙකු මේ අතර සිටිති.
බංගලදේශ ජාතිකයන් 16 දෙනෙකු , පාකිස්තානු ජාතිකයන් 02 දෙනෙකු , බුරුන්ඩි ජාතිකයන් 02 දෙනෙකු සහ ඉන්දියානු , පිලිපීන, උගන්ඩා, ඉතියෝපියානු, කෙන්යානු සහ නේපාල ජාතිකයන් එක් අයෙකු බැගින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වු වහාම මොවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.