වයඹදිග පාකිස්ථානයේ මුරපොළක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සැකකරු පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
මෙම ප්‍රහාරයේ වගකීම එරට සටන්කාමී කණ්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් යන කණ්ඩායම විසින් පිළිගෙන තිබෙනවා.
2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් සංවිධානය විසින් යළි අත්පත් කර ගැනීමෙන් අනතුරුව පකිස්තානයේ දේශසීමා ප්‍රදේශවල ප්රචණ්ඩත්වය යළිත් ඉහළ ගොස් ඇති බව සදහන්.