Latest News

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාරයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර වලින් ලෙබනනයේ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

උතුරු ගාසාවේ පිහිටි කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සහ වැඩිහිටි රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල වුණු බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ දී ද තවත් හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදේශයේ සාම සාධක කටයුතු වල නිරත ඝානාවේ භටයන් හතර දෙනෙකු රොකට් ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය තවදුරටත් ගාසා තීරය පාලනය නොකරන බවයි.

එම ප්‍රදේශයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ගෙන්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව ඔහු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

World News