රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නුදුරේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙම නිල සංචාරය සිදු කරන දින තවමත් තහවුරු කර නැති බවයි.
කෙසේ වෙතත් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී රුසියාවේ සංචාරයකට එක්වූ අතර එහිදී ඉන්දියාවේ සංචාරයක නිරතවන ලෙස රුසියානු ජනපතිවරයාට ආරාධනා කෙරුණා.
යුක්රේන ආක්‍රමණය සමග රුසියාව ලොවෙන් හුදකලා කිරීමට ලෝක බලවතුන් උත්සහයක නිරත වූවත්, මෙය ජනපති පුටින් තම මිත්‍ර රටවල් සමග සබඳතා තර කර ගැනීමට ගන්නා උත්සහයක් බවයි විචාරකන් පවසන්නේ.