දකුණු සුඩානයේ ජන ගහනයෙන් බහුතරයක් ලබන වසරේ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.
දකුණු සුඩාන ජන ගහනයෙන් මිලයන 7.7ක පමණ පිරිසක් එනම් එරට ජන ගහනයෙන් 60%ක ප්‍රමාණයක් මෙලෙස ලබන වසර තුළ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
එමෙන්ම මිලියන දෙකකට අධික දරුවන් සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරුවිමේ අවදානමක් ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන ආකාරයට ලබන වසරේ අප්‍රේල් මාසයේ දී මෙම තත්ත්වය හට ගැනීමට නියමිතයි.
ඒ හරහා ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හේතුවෙන් මිනිස් ජිවිත අතිශය භයානක මට්ටමකට පත්වනු ඇති බවට ද එහි දැක්වෙනවා.
දකුණු සුඩානය ගංවතුර හා අභ්‍යන්තර යුද ගැටුම් හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වයට ඇද වැටී සිටිනවා.