Latest News

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් අලුත් යෝජනාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි G-20 නායක සමුළුවට සහභාගි වුණා.

ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවරදීයී.

සමුළුවේ පළමු අදියරේදී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වා තිබෙනවා.

පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳාම, සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බව ඔහු එහිදී කියා සිටියා.

දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

ෂී ජින් පිං මහතා එහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 08ක් ප්‍රකාශ කළා.

චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සහ, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වනවා.

World News