Latest News

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මුල් වතාවට යන වතු කාන්තාව

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට ජාතික ජන බල­වේ­ග­යෙන් මෙවර මහමැති­ව­ර­ණ­යට තරග කළ වතු කම්කරු මවු­පිය යුව­ළ­කගේ දියණියක වන අම්බිගා සැමු­වෙල් පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වතු ජන­තාව නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රි­යක් තේරී පත්වූ පළමු අව­ස්ථා­ව සිදුවන්නේ මෙවරයි.

මනාප 58,201ක් ලබා බදුල්ල දිස්ත්‍රි­ක්කයේ ජාතික ජන බල­වේ­ගයේ තුන්වැනි වැඩිම මනාප ලබා­ගත් අම්බිගා සැමු­වෙල්, වතු නිවා­ස­යක දීර්ඝ කාල­යක් පදිංචි වී සිටි කෙනෙක් වනවා.

ඇය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කරද්දී පළවූ ප්‍රතිචාර වලින්ද කියැවුණේ ඇයගේ දේශපාලන ප්‍රවේශය අතිශය විප්ලවකාරී එකක් බවයි.

ඇය කෙලෙස හෝ පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට සංවාදයක්ද පැනනැගී තිබුණ අතර එම බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඇයට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලැබුණා.

මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේ වතු හාම්පුතුන්ගේ රාජකීය සැලකුම් ලබන රජවරු ලෙස වැජඹුන වතුනායකයින්.

ඔවුන් අඩුතරමින් කම්කරු දෛනික වැටුප ඉහළ නංවාලීම වැනි ප්‍රශ්නයක් ගැනවත් උවමනාවෙන් කටයුතු කළ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

World News