මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඒ පහත සඳහන් ලෙසයි.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 667,240
සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 11,815,246
වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006
මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.