Latest News

SL Parliamentary Election 2024: ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මැතිවරණ නිරීක්ෂකයින් කියූ දේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 04ට අවසන් කෙරුණා.

ඒ අනුව එම කාල සීමාව තුළ ප්‍රකාශිත වූ සමස්ත ඡන්ද ප්‍රතිශතය 60%ත් 65%ත් අතර ප්‍රමාණයක් ගනු ඇති බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ.

අද (14) උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක්.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණා.

අද පස්වරු 03 වන විට ගම්පහ, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, බදුල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා තිබූ බවයි තේරීම්භාර නිළධාරීවරුන් සදහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් අද වාර්තා නොවූ බවයි.

World News