රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග ගස් මත නැගී නැරඹීම පාලනය කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ එලෙස කිරීමෙන් ඇති වන ඉතා අනාරක්ෂිත තත්ත්වය මඟහරවා ගැනීම සඳහායි.
ඒ අනුව F කොටසේ ඇති මෙම ගස් මතට නැගීම අවහිර කර බාධක ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම දැන්වීම් පුවරු ප්‍රකාශයට පත් කරමින් එම අනතුරුදායක කටයුත්ත වැළැක්වීමටත් ක්‍රීඩාංගන පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එය සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයේ සිට ක්‍රියාත්මක වනු ඇති.
මේ වනවිට ක්‍රීඩාංගණයේ F කොටසේ ඇති කොහොඹ ගසක් ද ඉවත් කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ.
ප්‍රේක්ෂකයින් වැඩිපුරම නැගීමට කැමැත්තක් දක්වන මයිල වර්ගයේ ශාකය ද මේ වනවිට කඩා වැටීමේ අවදානමකට ලක්වී ඇති බව සඳහන්.
ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද ක්‍රීඩාංගණ පාලන අධිකාරියේ වගකීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.