2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරික්ෂකයින් 20කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් මේ වන විටත් සිය නිර්ක්ෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ, මැතිවරණය කොමිසමේ උපදෙස් මතයි.
මේ අතර මැතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට සිදු කෙරෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණය ප්රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව මේ වනවිට නිහඩ කාලසීමාව ක්‍රියාත්මකයි.