කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ වනවා.
ඒ මාස 10කට අධික කාලයකින් අනතුරුවයි.
ඒ අනුව අද (12) පස්වරු 4.15ට කොළඹ කොටුවෙන් තලෙයිමන්නාරම බලා එම දුම්රිය පිටත්වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය තලෛයිමන්නාරමට අද (12) රාත්‍රී 10.15ට ළඟා වීමට නියමිතයි.
එමෙන්ම තලෙයිමන්නාරමෙන් හෙට(13) අලුයම 04.15ට කොළඹ කොටුව බලා ධාවනය වන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොල මහතා සඳහන් කළේ.
එම දුම්රිය හෙට (13) උදෑසන 10.15ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මහව සහ අනුරාධපුරය අතර කොටසේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තලෙයිමන්නාරම දුම්රිය ධාවනය නවතා දමා තිබුණා.