මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.
මේ අතර ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකි බවත් පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප ගෙන ප්රචාරක කටයුතු කරමින් පහත් තත්ත්වයට නොවැටෙන ලෙසත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් පළකරමින් පැවසුවා.
මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.