ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වීය සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ ඊයේ (30) දින රුසියාවේ මොස්කව් නුවරදීයි.
මේ සඳහා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී, සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතා අත්සන් කර තිබෙනවා.
මෙම ගිවිසුම ප්‍රකාරව ද්විපාර්ශ්වීය වෙළෙඳ ගනුදෙනුවල දී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම සඳහා ඍජුවම ගිවිසුම බලපානු ඇතැයි බලාපොරොත්තු වනු ඇති.