මිනිස් ජාවාරමට ගොදුරු වීමෙන් මියන්මාරය, රුසියාව, ඩුබායි සහ ඕමාන් යන රටවල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.
මියන්මාරය සහ තායිලන්තය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සයිබර් අපරාධ සම්බන්ධයෙන් මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් 55 දෙනාගෙන් 28 දෙනෙකු නිදහස් කිරීමට විදේශ අමාත්‍යාංශය සමත් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
“ඉතිරි පුද්ගලයින් හැකි ඉක්මනින් නිදහස් කිරීමට අපි අඛණ්ඩ උත්සාහයන් ගනිමින් සිටිමු,” ලෙසද ඔහු පැවසුවා.
රුසියානු හමුදාවට බැඳුණු විශ්‍රාමික රණවිරුවන් 70කට ආසන්න පිරිසකට නැවත පැමිණීමට අමාත්‍යාංශය පහසුකම් සලසා ඇති බවද රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.
සංචාරක වීසා මත ඩුබායි, ඕමානය වැනි රටවලට ගොස් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ බවද ඔහු අනාවරණය කළා.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදීයී.