ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක ප්‍රකාශ කළා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, අපේක්ෂකයන් තුන්දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණ මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් 39දෙනාගේ නාමයන් සහ ලකුණු ඇතුළත් නිල නිවේදනය පහතින්…