දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළියම් යෙදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලික පියවරක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ස්ථීර විසඳුමක් ලැබෙන තුරු දෙපාර්තමේන්තුව විසින් දිනකට නිකුත් කරනු ලබන්නේ විදේශ ගමන් බලපත්‍ර 750 ක් පමණක් පැමිණෙන අනුපිළිවෙල අනුවයි.
දෙපාර්තමේන්තුවට දැනට පවතින හිස් ගමන් බලපත්‍රවල සීමිත සැපයුමට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුව වන විට දෙපාර්තමේන්තුවේ රැඳී සිටි සියලු දෙනා ඉවත් කර ඇති බවයි.
මේ අතර ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් තමා සමාව අයදින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් සැලසුම් කර ඇති බවත් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඇණවුම් කළ නව විදේශ ගමන් බලපත්‍ර ඔක්තෝබර් 16 සිට ලැබෙන බවයි.