ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ නව නීතියක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව 2024.05.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.
එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබු සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව ඉඩම් වනජීවි හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිළධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාළ කේෂ්ත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ මූලික කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කර තිබෙනවා.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.