ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශයකට අනුව බදු නොගෙවූ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් 900ක් පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්හිටුවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවා.
ඒ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එමෙන්ම මෙරටට රත්රන් ගෙන්වීමේදී ව්යාපාර්කයන් 06දෙනෙකුගෙන් දඩ මුදල් ලෙස රුපියල් බිලියන 1.2ක් රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරගෙන ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.