මඩකලපුව රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කොළඹ සහායක රදගුරු අති උතුම් පී. ඇන්ටන් රංජිත් පියතුමා පත් කර තිබෙනවා.
ඒ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්.
මඩකලපුව රදගුරු පදවියේ එඬේර පාලනය දැරූ ජෝසප් පොන්නයියා රදගුරුතුමාගේ ඉල්ලා අස්වීම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ අපෝස්තලික නන්සියාචර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කළේ.
සෞඛ්‍ය හේතූන් මත රදගුරු ජෝසප් පොන්නයියා රදගුරුතුමා සිය ඉල්ලා අස්වීම ලබා දී තිබෙනවා.