ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා වූ ශිවගංගි මගී ප්‍රවාහන නෞකා සේවය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය රුපියල් පන්දහසක් සහ සුඛෝපභෝගී ආසනයක් සඳහා ඉන්දීය රුපියල් හත්දහස් පන්සීයක් අය කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම මගී ප්‍රවාහන නෞකාවේ සාමාන්‍ය ආසන 133ක් පවතින අතර, එහි පනවා ඇති සුඛෝපභෝගී ආසන සංඛ්‍යාව 27ක්.
මීට පෙර මෙම නැව් සේවාව ක්‍රියාත්මක කරනු ලැබුවේ චෙරියපානි නැව් සමාගම විසින්.