Latest News

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු බේරාගැනේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන්.

තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මියෙන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර ඉන් අට දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුදාගනු ලැබුවා.

තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු පමණ මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

World News