Latest News

වසරේ ගත වූ කාලය තුළ ලංකාවේ පුද්ගලයින් 11 දෙනෙකු ජලභීතිකාව හේතුවෙන් ජීවිතක්ෂයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවයි.

“දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට අදාළ එන්නතත් රෝහල් 100ක පමණ ලබාදෙනවා. මේක නොමිලේ ලබාදෙන්නේ. අපි කළ යුත්තේ සපා කෑමකට ලක්වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි.”

ජලභීතිකාව බෝවීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා…

“බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්වයෙකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් අපේ පවතින තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීර ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනක් – මාස තුනක් අතර වෙනවා. යම් කෙනෙක් ඉන්නවා සතෙකුගේ සපාකෑමකට ලක්වෙලා තවමත් ජලභීතිකා එන්නත ලබාගත්තේ නැති, දැන් කාලා සතියක් දෙකක් ගියානේ කියලා හිතන්නේ නැතුව මාස තුනක් දක්වා වුණත් අපි එන්නත ලබාදෙන්න කටයුතු කරනවා.”

World News