Latest News

ඔබගේ Facebook පෞද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Facebook ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ.

ඊයේ (12) දිනය තුළ පමණක් ඊට අදාළ පැමිණිලි 8ක් ලැබී තිබෙනවා.

Facebook ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් WhatsApp සහ SMS පණිවුඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බවයි චාරුක දමුණුගල මහතා සඳහන් කළේ.

“Facebook ආධාරක කණ්ඩායම යනුවෙන් ඔබට පණිවිඩයක් ලැබෙන්න පුළුවන් ඔබගේ Facebook ගිණුම හෝ පිටුව තාවකාලිකව අත්හිටුවා ඇති බවට. එය නැවත ලබාගැනීමට ඔවුන් වෙත යම්කිසි මුදලක්… ඒත් එක්කම යම්කිසි පණිවුඩයක් සමග ඔබගේ තොරතුරු යැවිය යුතු බවට යන පණිවුඩයක්… මෙම පණිවුඩය ඔස්සේ ඇත්ත වශයෙන්ම Facebook ලෙස පෙනී සිටිමින් වංචාවක් සිදුකරන බවට අපට පැමිණිලි ලැබිලා තියෙන්නේ.

මේ හේතුවෙන් යම් හෙයකින් ඔබගේ Facebook පිටුව තාවකාලිකව අත්හිටුවීමට හෝ අක්‍රියවීමට ලක් වුණොත් කිසිම විටක WhatsApp හරහා ලැබෙන යම්කිසි පණිවුඩයක් ඔබගේ පිළිතුර හෝ තාවකාලික ලෙස ඔබගේ තොරතුරු නිකුත් කිරීමක් නොකරන ලෙසට Facebook පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙමඟින් ඔබගේ වටිනා පුද්ගලික තොරතුරු මෙන්ම ඔබගේ Facebook ගිණුමට අදාළ මුරපදය ඇතුළු සංවේදී තොරතුරු ලබාදෙමින් ඔබගේ Facebook ගිණුමට බාහිර පාර්ශවයක් වෙත ප්‍රවේශය ලබාගැනීමක් සිදුවෙන්නේ. ඒ හේතුවෙන් එවැනි පණිවුඩවලට කිසිසෙත්ම පිළිතුරදීමෙන් වළකින ලෙස පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ජාවාරම ව්‍යාපාරික Facebook ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළා.

“මේ වාර්තා වුණ සිදුවීම්වලින් බොහෝවිට Facebook පිටු පත්වාගෙන යන යම්කිසි ව්‍යාපාර සම්බන්ධයෙන් එහෙම නැත්නම් පුද්ගලික ආයතන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවා ආහාර සපයන අවන්හල් සම්බන්ධයෙන් තමයි මෙවැනි පැමිණිලි වාර්තා වෙන්නේ. එහිදී බොහෝ වෙලාවට ඒ ව්‍යාපාර සම්බන්ධ Facebook පිටුව වංචාකරුවන් විසින් රිපෝට් කිරීමකට ලක්කරනවා පළමුව. ඊට පස්සේ තාවකාලිකව එම රිපෝට් එක විමර්ශන කරන්න Facebookඑකෙන් දවස් දෙකක් අත්හිටුවනවා. ඒ කාලය තුළ අර පිරිස විසින් ව්‍යාපාරයට අදාළ ඒ Facebook පිටුවේ පළ කරලා තියෙන, WhatsApp නම්බරයට තමයි ඔවුන් Facebook ආධාරක කණ්ඩායම ලෙස පෙනී සිටිමින් මැසෙජ් එකක් දාන්නේ. මෙකෙන් බොහෝදෙනා රැවටෙනවා මේ පිටුව තාවකාලික අක්‍රියවීමක් එක්ක මේ ලැබෙන පණිවුඩය Facebook විසින් ඔබ වෙත ලැබෙන පණිවුඩයක් කියලා. ඉතින් මේ ඔස්සේ තමයි ඇතැම් ගොඩක් පිරිස් වංචාවලට පෙළඹෙන්නේ…”

World News