මහියංගන රජමහා විහාරයේ පෙරහරට සහභාගි වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයට පත් වූ “සීතා ඇතින්න” සම්පූර්ණයෙන් සුව වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහරේ පත්තිනි දේවාලයේ පෙරහරට සහභාගි වීම සඳහා මහනුවරට පැමිණ සිටිනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින රාත්‍රි මහියංගන රජමා විහාරයේ පෙරහර නිමාවීමෙන් පසු “සීතා ඇතින්න” විවේකීව සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් ලක්වූ අතර එය එවකට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.