ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වනවා.
එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණියා.
මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව “චෙරියපානී” නැමති නැව් සමාගම විසින් පවත්වාගෙන ගියා.
“ශිවගංගී” නැව් සමාගම විසින් මෙම සේවාව පවත්වාගෙන යනු ලබන්නේ පළමු වතාවටයි.
ඉන්දියාව හා කන්කසන්තුරේ අතර තනි ගමනකට නැව් ගාස්තුව රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකියි.
මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබෙනවා.
නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කොට ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර්ජාලය ඔස්සේද මිල දී ගත හැකියි.